Saturday, January 14, 2017

Phone එකේ PATTERN LOCK අමතකයිද?

මුලින්ම කියන්න ඕන මේ වැඩේ හුගක් පරිස්සමෙන් කරන්න ඕන. 
මොකද කියනව නම් මේ ෆෝන් OS එකත් එක්ක සම්බන්ද වුන දෙයක්.
සැලකිය යුතුයි - ඒ වගේම කියන්න ඕන වැදගත්ම දේ තමයි , මේ විදියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කැඩුවට පස්සේ , ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක හෝ ටැබ් එක සම්පුර්ණයේන්ම Reset වෙනවා. ඒක හොදට මතක තියාගන්න. 

( ෆෝන් එක හෝ ටැබ් එක Reset වුනාට පස්සේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියේන සියලුම දත්ත , තොරතුරු , පින්තුර , සින්දු , විඩියෝ හා Contacts යනාදි සියලුම දේවල් නැති වෙලා , ආපහු මුල්ම තත්වයට එනවා. )
මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න කියල දෙන්න හිතුනේ , හදිස්සියකවත් ඔයාගේ ෆෝන් එක හෝ ටැබ් එකට දාල තියේන Pattern Lock එක , මොකක්ද කියල අමතක වුනෝත් , ඔයාට දුක් වෙවි ඉන්නේ නැතුව , මේ විධියට Pattern Lock එක කඩන්න පුලුවන්.
ඒ වගේම ඔයාට හොරේන් , කවුරු හරු ෆෝන් එකට හෝ ටැබ් එකට Pattern Lock එකක් දාල නම් , එක දාපු කෙනාව හොයා ගන්නමත් බැරි නම් ඉතින් , මේ විධියට Pattern Lock එක කඩන්න පුලුවන්.
සැලකිය යුතුයි - මේ විධියට ඔයාගේ යාලුවෙකුට හෝ වෙනත් කිසිම කෙනෙකුට විහිලුවක් හෝ ආතල් එකක් දෙන්න හිතා ගෙන , මේ වැඩේ නම් කවදාවත්ම කරන්න එපා !!
මේක ආතල් එකට විහිලුවට පාවිච්චි කරන්න එපා !!
මේ ගැන නිකන් ඉන්න බැරුව , අත්හදා බැලිම්වත් කරන්න නම් එපා !!
මේ වැඩේ කරන්න ඔබේ ෆෝන් එක හෝ ටැබ් එක Root කරල තිබිම අවශ්‍ය නොවේ.
සැලකිය යුතුයි - මෙම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වන්නේ Samsung ජංගම දුරකතන හා Tab වලයි. අනිකුත් ජංගම දුරකතන හා Tab වර්ග වලද ඇතැම් විට ක්‍රියාත්මක විය හැක. එසේ වෙනත් වර්ගයක ක්‍රියාත්මක වුවා නම් , ඒ පිළිබදව අප සැමට දැන ගැනිමට මේ පහලින් Comment එකක් විධියට දාන්න.
සැලකිය යුතුයි - එහනම් , උඩින් කියල තියේන සියලුම දේවල් හරියටම හොදට , තේරුම් අර ගෙන කියේව්වා නම් විතරක්ම Pattern Lock එක කඩන විධිය ගැන බලන්න.
අයේමත් කියනවා , මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කැඩුවට පස්සේ , ඔයගේ ෆෝන් එක හෝ ට්බ් එක සම්පුර්ණයේන්ම Reset වෙනවා. ඒ නිසා මේක , කරන්නම කිසිම දේයක් නැත්නම් විතරක්ම කරන්න.
( ෆෝන් එක හෝ ටැබ් එක Reset වුනාට පස්සේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියේන සියලුම දත්ත , තොරතුරු , පින්තුර , සින්දු , විඩියෝ හා Contacts යනාදි සියලුම දේවල් නැති වෙලා , ආපහු මුල්ම තත්වයට එනවා.
ඒ උනාට අවුලක් නෑ recovery කරල data ටික ආයෙ ගන්න පුලුවන්.)
මේ පහලින් කියල තියේන විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න.
ක්‍රමය 01.
1. ) මුලින්ම , Pattern Lock එක දාල තියේන ජංගම දුරකතනය හෝ Tab එක Off කරන්න. 
2. ) මුලින්ම Sound එක වැඩි කරන Key එක ඔබාගෙන ඉන්න.
3. ) ඊට පසුව Sound එක අඩු කරන Key එක ඔබාගෙන ඉන්න.
4. ) දැන් Power Key එක ඔබාගෙන ඉදල අත අරින්න.
5. ) මේ වෙලවේදි ඔයාලට Secret Android Screen එක බලගන්න පුලුවන්. 
Secret Android Screen ආවට පස්සේ , ඔබන් ඉන්න Buttons ටික අත අරින්න.
කෙළින්ම  Secret Android Screen එක පෙන්වන්නේ නැතුව No Commands ලෙස පෙන්නුවෝත් , නැවතත් එක වතාවක් පමණක් Power Button එක ඔබන්න. එවිට Secret Android Screen එවි.
6. ) මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යාම සදහා Sound එක වැඩි කරන Key ත් Sound එක අඩු කරන Key ත් භාවිතා කරන්න.
7. ) දැන් තුන්වෙනි තෝරා ගනේමට යන්න. ඒක නම් කරල තියෙන්නේ  DELETE ALL USER DATA යන නමිනි.
8. ) ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.
9. ) වැඩේ ඉවරයි !! Phone එක On වෙනකොට Pattern Lock එක තියන එකක් නෑ.
ක්‍රමය 02.
* මේ ඉහල ක්‍රමයට Secret Android Screen එක ආවේ  නැත්නම් , මේ පහල ක්‍රමයත් බලන්න. මොකද , මේ ක්‍රම 2න් , එක ක්‍රමයක් වෙන්න පුලුවන් , ඔබේ Android Device එකට ක්‍රියාත්මක වෙනේ.
1. ) මුලින්ම , Pattern Lock එක දාල තියේන ජංගම දුරකතනය හෝ Tab එක Off කරන්න. 
2. ) දැන් , Power Button එකේන් ජංගම දුරකතනය හෝ Tab එක On කරන්න. 
3. ) On වෙද්දිම , Volume Up Button එක හා Power Button එක එකවරම ඔබන් ඉන්න. 
* මේ ඉහල විධියට වුනේ නැත්නම් , ජංගම දුරකතනය හෝ Tab එක On කරන්න ඔබපු Power Button එක , ඒ විධියටම ඔබා ගෙන ඉන්න ගමන් , Volume Up Button එකත් ඔබා ගෙන ඉන්න.
දැන් , කෙළින්ම Secret Android Screen එක , නිකන්ම එවි.
* Power Button එක හා Volume Up Button එකේදි , මෙය ආවෙ නැත්නම් , Power Button එක හා Volume Down Button එක එකවර ඔබා ගෙන ඉදල බලන්න.
* Secret Android Screen ආවට පස්සේ , ඔබන් ඉන්න Buttons ටික අත අරින්න.
කෙළින්ම  Secret Android Screen එක පෙන්වන්නේ නැතුව No Commands ලෙස පෙන්නුවෝත් , නැවතත් එක වතාවක් පමණක් Power Button එක ඔබන්න. එවිට Secret Android Screen එවි.
4. ) මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යාම සදහා Sound එක වැඩි කරන Key එකත් , Sound එක අඩු කරන Key එකත් භාවිතා කරන්න.
5. ) දැන් තුන්වෙනි තෝරා ගැනිමට යන්න. ඒක නම් කරල තියෙන්නේ  DELETE ALL USER DATA යන නමිනි.
6. ) ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.
අපි දන්නවා මේ පොස්ට් එක දැක්ක ගමන් ගොඩක් දෙනෙක්ට , අපිත් එක්ක තරහක් ඇති වෙවි. හරි , එකට කමක් නැ.
අපි මේ පොස්ට් එක දැම්මේ අර උඩින් කියල තියේනව වගේ අවස්ථා වලදි , ඒ අයට උදව් වෙන්න හිතා ගෙනයි
උපුටා ගැනීම -sltechforums.com

No comments:

Post a Comment